
අවශ්‍ය ද්‍රව්‍ය- කාලය විනාඩි 15
බිත්තර 5
පිටි ග්‍රෑම් 100
කෝන් පිටි ග්‍රෑම් 25
සීනි ග්‍රෑම් 125
ලුනු තේ හැඳි 1/2
බේකින්ග් පෞඩර් තේ හැඳි 1/2
- බිත්තර එක බැගින් බදුනකට දමා බීට් කරගන්න. සීනිද ටික ටික එකතු කරන්න. බිත්තර විනාඩි 10 ක් -15 ක් බීට් කරගන්න. එය ප්‍රමාණයෙන් කිහිප ගුණයක් වැඩිවී තිබිය යුතුය. සීනි දමා අවසන් නම් පිටි හැන්ද බැගින් එකතුකර හොදින් බීට් කරන්න. කෝන් පිටි,බේකින්ග් පෞඩර් හා ලුණුද එකතු කරන්න.
- උස අඩු කොටු බේකින්ග් තැටියකට( 35x35 ) තෙල්කොල දමා සකස් කරගන්න. එයට මිශ්‍රණය (තැටියේ පැතුරුණු පසු එහි උස සෙන්ටිමීටර එකකට වඩා වැඩි නොවිය යුතුය) දමා සෙල්සියස් 180 ට විනාඩි 10 ක් බේක් කරගන්න.
- බාගත් තුනී කේක්එකේ වාටි කපා ඉවත් කරන්න. උනුවෙන්ම එය උඩින් එක පැත්තක Nutella ගා ගන්න. ඉන් පසු තෙල් කොලේ උදව්වෙන් Nutella ඇතුලට වෙනලෙස එය හොදින් තදට රෝල් කරගන්න.
- තෙල් කොලයේම ඔතා ඉන් පසු එය පොලිතින් කොලයකින්ද ඔතා සීතලවෙන්න ශීතකරණයේ පැය 2ක 3ක් තියන්න.