Showing posts with label හොඳි ජාති. Show all posts
Showing posts with label හොඳි ජාති. Show all posts

Saturday, March 3, 2012

chinese විදියට චිකන් (Orange Chicken )

ටික දවසකින් මොනවත් රෙසපි නොදාපු නිසා මට හිතුන අද ඇමරිකාවේ තියන chinese චිකන් රෙසපියක් අපේ කට්ටියට දෙන්න. හදන්න අමාරුත් නෑ රසත් නියමයි. මේක සැරයි, පැණි රසි, ඇඹුලයි. ඔන්න එහෙනම් රෙසපිය...
අවශ්‍ය ද්‍රව්‍ය-
පොඩි කොටුවට කපාගත් කටු නැති හම නැති කුකුල් මස් ග්‍රෑම් 750
ගම්මිරිස් තේ හැඳි 1/2
බිත්තර 1
ලුනු තේ හැඳි 1 1/2
තෙල් මේස හැඳි 1 1/2
කෝන් පිටි කෝප්ප 1/2
පාන් පිටි කෝප්ප 1/4
අඹරාගත් ඉගුරු තේ හැඳි 1
අඹරාගත් සුදු ළුණු බික් 2
පොඩියට කපාගත් ලොකු ළුණු ගෙඩි 1/2
වයින් තේ හැඳි 1 (කැමති නම්)
වතුර කෝප්ප 1/4
කෝන් පිටි මේස හැඳි 1
වේලිච්ච මිරිස් කරල් 3
දෙහි බාගයක්
සොසේ එකට....
සීනි මේස හැඳි 5
විනාකිරි මේස හැඳි 5
සෝයා සෝස් මේස හැඳි 1 1/2
වතුර මේස හැඳි 1 1/2

සාදාගන්නා අකාරය-
  • ලොකු බාජනයකට කුකුල් මස්, ලුනු, බිත්තරය, ගම්මිරිස්, තෙල් දමා හොදින් කළවම් කරන්න. කෝන් පිටි කෝප්ප 1/2, පාන් පිටි කෝප්ප 1/4 හොදට කළවම් කරන්න. දැන් පිටිවලට කුකුල් මස් දමා කළවම් කරන්න.
  • මේ කුකුල් මස් ගැඹුරු තෙලේ බඳින්න තෙල් එකක් ලිපේ තියන්න. එකකට එකක් ඇලෙන්නේ නැතිවෙන්න ටික ටික බැඳගන්න. තෙල් බේරෙන්න ටිකක් තියන්න.
  • සෝස් එකට අවශ්‍යදේ කෝප්පයකට දමා කළවම් කර පැත්තකින් තියන්න.
  • ලොකු තාච්චියකට (වෝක් එකක් තියෙනවනම් හොදයි නැත්තම් ලොකු පෑන් එකක් ගන්න) තෙල් තේ හැඳි 1 දමා වැඩි ගින්දරින් ලිපේ තියන්න. ඉගුරු හා සුදුළුණු එකතු කරන්න. යන්තම් බැදෙනකොට ළුණු, තුනට හතරට කැඩූ වියලි මිරිස් කරල් දාන්න. වයින් තේ හැන්දද දාන්න. ඒත් එක්කම සෝස් එක එකතුකර ගන්න. සෝස් එක නටන කොට චිකන් එකතු කරන්න. හොදට කළවම් කරන්න.
  • වතුර කෝප්ප 1/4 ට කෝන් පිටි මේස හැඳි 1 කළවම් කර එයද තාච්චියට දමන්න. සෝස් එක ටිකක් ඝන වෙනකම් රත් කර ලිපෙන් බාන්න. දෙහි බෑයක යුෂ කළවම් කරගන්න. 
උණු වෙන්ම බත් එක්ක කන්න.. රස හොදනම් කමෙන්ට් එකක් දෙන්න.

Thursday, November 3, 2011

කුකුල් මස් හොඳි වෙනස් විදියකට (Chicken Curry)

ඔන්න මගේ කුස්සියෙ අපි හිතුව හැමදාම කන කුකුළව වෙනස් රහකට කෑවොත් හොඳයි කියල. මේක හදනවනම් කොත්තමල්ලි අනිවාර්යෙන්ම දාන්න අමතක කරන්න එපා. කුඩු නැත්තම් කොත්තමල්ලි ටිකක් තලලා හරි දාන්න එතකොට තමා නියම රහ එන්නේ. කාලම බලන්නකෝ... ඔය වැඩිපුර සැරට කන්න කැමති මල්ලිලට පුළුවන් මිරිස් කරලක්, ගම්මිරිස් ටිකක් එහෙම දාල සැර වැඩිකර ගන්න. ඔන්න එහෙනම් රෙසපිය...

 අවශ්‍ය දේවල්-                                                                 කාලය පැය1 1/2
කපා ගත් කුකුල් මස් (සම්පුර්ණ කුකුලෙකුගෙන් බාගයක්)
කහ තේ හැඳි 1/2
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1 1/2
ගම්මිරිස් තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 2 1/2
ලුණු තේ හැඳි 1
අබ තේ හැඳි 1/2
උළුහාල් තේ හැඳි 1/2
කපාගත් ලොකුළුණු ගෙඩි1
සූදුරු තේ හැඳි 3/4
අඹරාගත් සුදුළුනු බික් 4
වතුර කෝප්ප 1
පොල්කිරි කෝප්ප(මිටිකිරි)1/2
දෙහි යුෂ මේස හැඳි 1
තෙල් මේස හැඳි 2 1/2
අඹරාගත් ඉගුරු කෑල්ලක්

සාදා ගන්නා අකාරය-
  • බදුනකට කුකුල් මස්, කහ, කොත්තමල්ලි, ගම්මිරිස්, මිරිස්, ලුණු දමා හොදින් කලවම් කරගන්න. මෙය ආවරණය කර පැයක් පමණ ශීතකරණයේ තබන්න. 
  • තෙල් මද ගින්නේ රත්කර එයට අබ, උළුහාල්, ළුණු, සූදුරු දමා විනාඩි දෙක තුනක් බැදගන්න. ඉන්පසු එයට සුදුළුනු, ඉගුරු එකතුකර තවත් විනාඩියක් පමණ තබා කුකුළුමස් සහ වතුර එක්කරන්න. එය විනාඩි 20 ක් 30 ක් පමණ පිස ගන්න. 
  • ඉන්පසු පොල්කිරි මිශ්‍රකර හොඳි ගතිය අඩුවනතෙක් අඩු ගින්දරෙන් හින්දන්න. විටින් විට හැඳිගාන්න. අවසානයේ දෙහි එකතු කරන්න.
*සැර වැඩි කර ගැනීමට මිරිස් සහ ගම්මිරිස් ප්‍රමාණය වැඩිකර ගතහැක.