ඔන්න අපි මුලින්ම ඔයගොල්ලන්ට කියල දෙන්න හදන්නෙ කවුරුත් කන්න කැමති බටර් කේක් හදන හැටි. හැමෝම මුලින්ම හදන්න ඉගෙන ගන්නෙ බටර් කේක්නෙ. ඔන්න රෙසපිය.... හදල බලල අපිට හොඳ නරක ගැන comment එකක් දෙන්න අමතක කරන්න එපා හොදේ.
සදා ගන්නා ආකාරය-
අවශ්‍ය ද්‍රව්‍ය- කාලය විනාඩි 35
පාන් පිටි ග්‍රෑම් 250
සීනි ග්‍රෑම් 250
බටර් ග්‍රෑම් 250
බිත්තර 4
බේකින්ග් පෞඩර් තේ හැඳි 2
වැනිලා තේ හැඳි 2
සීනි ග්‍රෑම් 250
බටර් ග්‍රෑම් 250
බිත්තර 4
බේකින්ග් පෞඩර් තේ හැඳි 2
වැනිලා තේ හැඳි 2
සදා ගන්නා ආකාරය-
- සීනිසහ බටර් හොදින් කලවම් කරගන්න. හොදින් කලවම් ඌ විට එහි සීනි දක්නට නොලැබේ.ඔබ ළග ඇත්තේ ලොකු කැට සීනි නම් එය ග්‍රඉන්ඩ් කර ගැනීමෙන් මෙය පහසු කර ගතහැක.
- ඉන් පසු එයට බිත්තර කහ මද එක බැගින් කළවම් කරගන්න. පිටි වලට බේකින්ග්පෞඩර් කළවම් කර තුන් පාරක් හලාගන්න. එම පිටි ටික ටික බටර් මිශ්‍රණයට දමාකළවම් කරගන්න.
- බිත්තර සුදු මද වෙනම ගසා ගන්න. හොදින් ගසා ගත් සුදු මද වලටවැනිලා එක්කර ගන්න. බටර් පිටි මිශ්‍රණයට ගසාගත් බිත්තර සුදුමද දමාහැන්දකින් හිමින් කළවම් කරගන්න.
- දැන් එය බේකින්ග් තැටියකට දමා සෙල්සියස් 180 ක උෂ්ණත්වයෙන් විනාඩි 20 ක් පමණ බේක් කරගන්න. අවන් එක නිතර ඇරීමෙන්වලකින්න.
- කේක් එක මැදට ටුත්පික් එකක් ගසා එලියට ගත් විට එහි කිසිවක් ගෑවීනැතිනම් එය බෑමට සුදුසුය. අවන් එක නිවා එහි දොර ඇර කේක් එක එය තුලමනිවෙන්නට දෙන්න.
No comments:
Post a Comment