Thursday, November 3, 2011

ආප්ප (Hoppers)

"අම්මෝ ආප්ප!!!! ඒවා හදන්න හරි අමාරුයි" කියල කිව්වේ ඉස්සර.. දැන් ආප්ප කියන්නේ සිම්පල් කේස් එකක් නේ. දැන් අපිට nonstick තාච්චි තියනවා ඊස්ට් තියනවා විනාඩි 45 න් වැඩේ ක්ලෝස්. ඔන්න එහෙනම් රෙසපිය...

අවශ්‍ය ද්‍රව්‍ය- (දෙදෙනෙකු සදහා)                                             කාලය විනාඩි 45
හාල් පිටි ග්රෑම් 250
ඊස්ට් තේ හැඳි 2
සීනි තේ හැඳි 1
බිත්තර 1
පොල් කිරි
ලුණු අවශ්‍ය තරමට

සදා ගන්නා ආකාරය -
  • පිටි, ඊස්ට්, සීනි බඳුනක දමා කලවම් කරන්න. ඉන්පසු එයට පොල්කිරි ටික ටික දමමින් අනාගන්න. එය යන්තම් දියර ගතියට පත් වූ විට තුනී රෙදි කඩකින් වසා විනාඩි 45 ක් පමණ පිපෙන්නට හරින්න. එය ප්‍රමාණයෙන් වැඩි වී නැතිනම් තවත් විනාඩි 15 ක් පමණ තබන්න. 
  • ඉන්පසු එයට වතුර හෝ පොල්කිරි ටික ටික කලවම් කර ගන්න. බිත්තරය සහ ලුණුද එක්කරන්න. එම මිශ්‍රණය ඝන නොවිය යුතු අතර දියද නොවිය යුතුය. 
  • පදම බලා ගැනීමට තෙල් ගාගත් රත් වූ තාච්චියකට බොකුටු හැඳි 1 දමා කරකවා වසා ටිකක් තබන්න. පසුව පියන ඇර අප්පය වටේ යන්තම් රන්වන් පැහැ වනතුරු තබා ආප්පය ගලවන්න. රස බැලීමෙන් පසු අවශ්‍ය නම් තව වතුර මිශ්‍රණයට එක් කරන්න.

1 comment:

  1. තැන්ක්ස් මචන් .... මමත් එකපාරක් ආප්ප හැදුව... අද දැන් ආයේ හදනවා.. පලවෙනි පාර නම් හොදටම හරි ගියේ නෑ. අද නම් හොදට හදනවා..

    ReplyDelete